දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා – ජැක් මා

ජැක් මා නු ලෝකය තුල රැඩිකල් වෙනසක් කළ දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල දැවැන්ත අලිබාබා ව්‍යාපාර ජාලයේ හිමිකරු ය. ඔහු දැනට ආසියාවේ ධනවත් ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු ජැක් මා තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි.
ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40ක් පදිමින් නතර වුයේ Hangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේ ම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වූවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරනු ලැබුවා.
ජැක් මා ජීවිතය තුල බොහෝ පරාජයන් ලැබූ මිනිසෙකි. අවසානයේදී මෙම පරාජයන් නිසා ම මහා පන්නරයක් ලැබූ අයෙකි. ඔහු රැකියා සම්මුඛ පරීක්ෂණ 30 කින් ප්‍රතික්ෂේප වූ අයෙකි. වරෙක KFC ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ 23 දෙනෙකු අතරින් අසමත් වූයේ ජැක් මා පමණි. එමෙන්ම හාවර්ඞ් සරසවියට ඔහු යොමුකළ අයදුම්පත 10 වතාවක් ප්‍රතික්ෂේප වූ බව ඔහු වරෙක ප්‍රකාශ කලේ හාවර්ඞ් සරසවියට ආරාධිතයෙකු ලෙස දේශනයකට පැමිණි අවස්ථාවකදී ය.
කෙසේ නමුත් ඔහු 1994 දී අන්තර්ජාලය ගැන හැදෑරීමක් කළ අතර එවිට ඔහුගේ වයස අවුරුදු 30කි. 1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයට ම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහා ම සිදුවෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු ව්‍යාපරය වර්ධනය කරගන්නා ලදී.
මෙම සමාගමට “අලිබාබා” යන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන් ම මෙසේය.
“දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‘ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‘නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා.
ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා ‘දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’ වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා ‘අලිමාමා’ කියන නමත් ලියාපදිංචි කළා.”
2012 වසරේදී අලිබාබා සමාගම විසින් ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙන ය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය. 2012 නොවැම්බර් මාසය තුලදී මෙම ව්‍යාපාරය තුල online ගනුදෙනු ප්‍රමාණය චීන යුආන් ටි්‍රලියනය ඉක්මවනු ලැබුවා. මේ නිසාම අද වනවිට ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපතිවරයාගේ සිට සෑම ධනවතෙකුම ජැක් මා ගේ සමීපතමයන් ය.
1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ‘ජැක් මා’ ගේ සැබෑ නම වන්නේ ‘මා යුන්’ ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.
2008 වසරේදී ඔහු ලොව හොඳම ආයතන ප්‍රධානීන් 30 අතරට පත්වූ අතර 2014 දී චීනයේ බලගතු ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම පසුවූවා. පුංචි තැනකින් ජීවිතය අරඹා ස්වෝත්සාහයෙන් ඉදිරියටම ගිය ජැක් මා දියුණුවට කැමති සැමදෙනෙකු විසින්ම කියවිය යුතු, හැදෑරිය යුතු අපුරු චරිතයකි.
ඊ-වාණිජ වෙළෙඳපොළෙහි දැවැන්තයෙකු වන අලිබාබා සමාගමේ විධායක සභාපති වන ජැක් මා මෙම වසරේ දී සිය තනතුරෙන් ඉවත් වීමට සැලසුම් කරන බව ප්‍රකාශ කර තිබේ.
චීනයේ වඩාත් ප්‍රසිද්ධ සහ ධනවත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙකු වන ජැක් මා, ඔහුගෙන් හිස්වන තනතුර දැනට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩැනියෙල් ශැන්ග්ට පිරිනමනු ඇත.
අලිබාබා ලෝකයේ වටිනාම සමාගම්වලින් එකකි. පසුගිය වසර තුළ සමාගමේ කොටස්වල වටිනාකම දෙගුණයකට ආසන්න විය.
ජැක් මා ගැන ඔබ දැනගත යුතු කරුණු පහක් පහත දැක්වේ:
1. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්
චීනයේ Hangzhou නගරයේ අඩු ආදායම්ලාභී පවුලක උපත ලද ජැක් මා, ස්වෝත්සාහයෙන් දියුණු වී ඊ-වාණිජ වෙළෙඳපොළෙහි දැවැන්තයෙකු බවට පත්වීමට පෙර, ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කර තිබේ.
පාසලේ දී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන් ඔහු KFC ආයතනය ඇතුළු විවිධ රැකියා තිහකින් ප්‍රතික්ෂේප වී ඇත.
ජැක් මා සිය ප්‍රථම පරිගණකය මිලදීගෙන ඇත්තේ වයස 33දීය. ඔහු ප්‍රථමයෙන් "beer" ලෙස ගූගල් සෙවීම් කළ විට චීන බීර එම සෙවුම්වල නොමැති බව දැක පුදුමයට පත් වී තිබේ.
පරිගණක දැනුමක් නොවූ ජැක් මා, මින් වසර විස්සකට පෙර සිය කුඩා නිවසේ සිට අලිබාබා සමාගම ආරම්භ කරන ලදී. ඔහුගේ ඉල්ලීම පරිදි අන්තර්ජාල වෙළෙඳාමට මුදල් යොදවා ඇත්තේ මිතුරන් පිරිසකි.
වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 420ක් වන අලිබාබා සමාගමේ කොටස්වලින් 9%ක් පමණ ජැක් මාට හිමිය
2. ඔහු ඉතා ධනවත්
ජැක් මා චීනයේ තෙවෙනි ධනවත්ම පුද්ගලයා වේ. 2017 වසරේ ලෝකයේ ධනවත් පුද්ගලයන් ගැන ෆෝබ්ස් (Forbes) සඟරාව නිකුත් කළ වාර්තාවකට අනුව ජැක් මා ගේ වත්කම ඩොලර් බිලියන 36.6කි.

වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 420ක් වන අලිබාබා සමාගමේ කොටස්වලින් 9%ක් පමණ ජැක් මා ට හිමිය. මෙතෙක් ලෝකයේ සමාගමක් නිකුත් කළ වැඩිම මහජන කොටස් ප්‍රමාණය වාර්තා කරමින් 2014 දී අලිබාබා සමාගම ඩොලර් බිලියන 25ක ආදායමක් ලැබීය.
චීන ආර්ථිකය තුළ නව වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ඉතා තීරණාත්මක පුද්ගලයෙකු බවට පත්වීමට ජැක් මා සමත් වී තිබේ.
ඔහුට දැන් අවශ්‍ය වී ඇත්තේ නැවතත් තමන් "ආදරය කරන" අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීමය
මේ තොරතුරුද දැනගන්න:

'තනිව නැගීසිටි' ප්‍රකෝටිපතිනියන් මෙන්න !
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට
පාරාදීස ලිපිගොනු: ඉහළ ධනවතුන්ගේ බදු ක්ෂේමභූමි රහස් හෙළි වේ

3. ඔහු බොහෝ දේ ලබා දෙනවා
අලිබාබා සමාගම තුළ සිය අනුක්‍රමය පිළිබඳ වසර දහයකට පෙර ඔහු සිතන්නට පටන් ගෙන ඇත. කෙසේවෙතත්, පියවරක් පසුපසට ගනිමින් 2013 වර්ෂයේ දී ඔහු සමාගමේ සභාපති තනතුර භාර ගැනීම සඳහා ප්‍රධාන විධායක තනතුරෙන් ඉවත් වී තිබේ.

'ජැක් මා පදනම' ඔස්සේ මහජන සේවය සඳහා වැඩි කාලයක් යෙදවීම ඔහුගේ මෙම තීරණයට හේතුව බව හෙතෙම පැවසීය. වසර තුනකට පසු, අධ්‍යාපනය වෙනුවෙන් ගොඩ නැගූ පදනමකින් චීනයේ දුෂ්කර පළාත්වල අධ්‍යාපන කටයුතු සඳහා වසර දහයක සැලැස්මකට අනුව ඩොලර් මිලියන 30ක් ප්‍රදානය කිරීමට පොරොන්දු වී තිබේ.
අලිබාබා සමාගම් හවුලේ ආරම්භක කොටස්කරුවෙකු ලෙස දිගටම රැඳී සිටීමට අපේක්ෂා කරන අතර, ඔහුට දැන් අවශ්‍ය වී ඇත්තේ නැවතත් තමන් "ආදරය කරන" අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීමටය.
"මට බිල් ගේට්ස් ගෙන් බොහෝ දේ ඉගෙන ගන්න තිබෙනවා" යැයි බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ජැක් මා පැවසීය. බිල් ගේට්ස් ද මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉවත් වීමට පෙර මහජන සේවය සඳහා පදනමක් පිහිටුවීමට කටයුතු කර තිබේ.
සිය වෙබ් අඩවිය හරහා චීනයට භාණ්ඩ විකිණීමට සැලැස්වීම තුළින් එක්සත් ජනපදයේ ව්‍යාපාරවලට සහය දක්වා නව රැකියා අවස්ථා මිලියන ගණනක් නිර්මාණය කිරීමට ජැක් මා පොරොන්දු වී තිබේ
4. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජැක් මාට ඇති කැමැත්ත
පසුගිය වසරේ ජනවාරි මස නිව්යෝක් නගරයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග "විශිෂ්ට හමුවක්" පැවති බව ජැක් මා පැවසුවේය.
"චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කළ යුතු අතර, මීට වඩා හොඳින්, ඉතා සුහදව සිදු විය යුතුයි" යනුවෙන් එහිදී දෙදෙනාම එකඟ වූ බව ජැක් මා පැවසීය.
ජනාධිපති ට්‍රම්ප් ජැක් මා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ "ඔහු ඉතා විශිෂ්ට ව්‍යාපාරිකයෙක්. ලෝකයේ හොඳම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක්. ඔහු ඇමරිකාව සහ චීනය, රටවල් දෙකටම ආදරෙයි" යනුවෙනි.
සිය වෙබ් අඩවිය හරහා චීනයට භාණ්ඩ විකිණීමට සැලැස්වීම තුළින් එක්සත් ජනපදයේ ව්‍යාපාරවලට සහය දක්වා නව රැකියා අවස්ථා මිලියන ගණනක් නිර්මාණය කිරීමට ජැක් මා පොරොන්දු වී තිබේ.
ජැක් මා විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙද්දී චීන නිෂ්පාදකයන් සහ ඇමරිකානු ව්‍යාපාරිකයන් චීන-ඇමරිකානු වෙළෙඳ යුද්ධයට මැදිව බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනු දක්නට ලැබේ.
5. මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගැනීමටඔහු කැමතියි
අලිබාබා සමාගමේ සම ආරම්භක වන මෙම ආකර්ෂණීය, සුවිශේෂී පුද්ගලයා පොදු උත්සවලදී ඉතා සතුටින් කාලය ගත කරනු දක්නට ලැබේ.
2017 වසරේදී සමාගමේ සංවත්සරය සමරමින් "ත්‍රාසජනක" උත්සවයක් සංවිධානය කර මයිකල් ජැක්සන් අනුකරණය කරමින් රංගනයක් ඉදිරිපත් කළේය.
පසුගිය වසරේ ඔහු Gong Shou Dao නම් කුංග් ෆූ කෙටි චිත්‍රපටියේ රඟපෑවේය.
ඔහු තිස් වසරකට අධික කාලයක් 'tai chi' නම් සටන් කලාව පුහුණු වෙන අතර, ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.
තවත් තොරතුරු:
උපුටා ගැනීම – www.aluth.com වෙබ් අඩවියෙනි.

No comments:

Post a Comment